• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලලිත් ITN සභාපති පුටුව අත්හරි

10 December 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොඩනගමින් පවතිනුයේ “සාර්ථක දැක්මක් – වැඩකරන රටක්” පෙරදැරි කරගත් නව දේශපාලන සංස්කෘතියක් බවත් එම සංස්කෘතිය තුළ ලබැඳියාවන් පිලිබඳ කිසිදු ගැටුමක්ද (Conflict of interests) ඇතිකර නොගත යුතු හෙයින් තමා ITN මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස කටයුතු නොකිරීමට තීරණය කළ බව නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටියේ තමාව ITN මාධ්‍ය ජාලයේ සභාපති තනතුර සඳහා යෝජනා කළ විද්වත් කමිටුවට සහ විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ස්තුතිය පල කරන බවයි.

එම සටහනේ මෙසේ වැඩිදුරටත් සදහන් කර තිබේ ” විද්‍යුත් මාධ්‍ය ජාලයක සභාපති තනතුරට පත්වීම නොව විද්‍යුත් මාධ්‍යයක නිවේදකයකු වීම පවා සමාජයේ අවධානයට ලක්වන කාරණයකි. මෙය සමාජ ප්‍රාග්ධනයක් ලෙස ගොඩනගමින් එම ප්‍රාග්ධනය ආයෝජනය කර මනාව කළමනාකරණය කරමින් තම ඉලක්කය වෙත ලඟා වීම පුද්ගලයකු හට පහසු කාරණයක් වන අතර ඒ සම්බන්ධයෙන් වන උදාහරණද බොහෝය.

නුදුරු අනාගතයේදී මම වඩාත් පුළුල් සහ සක්‍රිය සමාජ දේශපාලන ක්‍රියාවලියක නිරත වෙමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” මහ පොලොව මත යතාර්ථයක් කිරීමේ ව්‍යායාමයට පුර්ණකාලීනව උරදීමට කැපවෙමි.

ITN මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් ඉහත ක්‍රියාදාමය සඳහා පුර්ණකාලීනව කැපවීම සම්බන්ධයෙන් යම් ප්‍රයෝගික ගැටලු උද්ගත විය හැක.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ගොඩනගමින් පවතිනුයේ “සාර්ථක දැක්මක් – වැඩකරන රටක්” පෙරදැරි කරගත් නව දේශපාලන සංස්කෘතියකි. එම සංස්කෘතිය තුළ ලබැඳියාවන් පිලිබඳ කිසිදු ගැටුමක්ද (Conflict of interests) ඇතිකර නොගත යුතු යයි මම විශ්වාස කරමි.

එබැවින් ITN මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස කටයුතු නොකිරීමට තීරණය කරමි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, විෂය භාර අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමන් සහ මාගේ දේශපාලන ගුරුවර⁣යෙකු සේම මාර්ගෝපදේශකයකු වන ගරු ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමන් විසින් මා වෙත තබන ලද විශ්වාසය පිළිබඳව මාගේ ප්‍රණාමය පුදකර සිටින අතර ඉදිරියේදීද අප රජය යටතේ ජාතික ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සමග නිර්මාණය වන නව දේශපාලන සංස්කෘතිය තුළ රැඳෙමින් දේශයේ යහපත වෙනුවෙන් උපරිමයෙන් කැපවන බවට ප්‍රතිඥා දෙමි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් සහ මා මිත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් දිගු කලක් මා වෙත තබන ලද විශ්වාසයටද තුති පුද කරමි.

මා වෙනුවෙන් සුබ පැතුම් එවන ලද ඔබ සැමට ස්තූති කරන අතර ඉදිරියේදී ද ඔබගේ ආශිර්වාදය සහ සහයෝගය අපේක්ෂා කරමි.

ස්තුති
නීතිඥ ලලිත් පියුම් පෙරේරා

 

 

දිලිනි සමන්මලි 

Post Views: 7
Previous Post

ලෝක විවාහක රෑ රැජින දිනු කැරොලින් දිවයිනට

Next Post

බොරු අපේක්ෂකයින් වැට බදින්න මැකො තීරණය කරයි

editor

editor

Next Post

බොරු අපේක්ෂකයින් වැට බදින්න මැකො තීරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025

Recent News

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved