පවතින දැඩි නියඟය හේතුවෙන් මහියංගණ ප්‍රදේශයේ ගම්මාන රැසක මතුව ඇති පානීය ජල ගැටළුවට විසඳුම් ලෙස, මහියංගණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මහියංගණ ප්‍රාදේශීය සභාව එක්ව ජලය බෙදාදීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව ඊයේ (31) දින මහියංගණ කුකුලාපොළ ගම්මානයට ජලය බෙදාදීම සිදු කර ඇති අතර, අද (සැප්තැම්බර් 01) දින දඹාන අවට ගම්මානයට ජලය බෙදාදීමට නියමිතව ඇත.














