2026.10.05 දින රාත්රියේ යාපනය පොලිස් වසමේ නල්ලූර් ප්රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට පහරදීම හේතුවෙන් එක් කාන්තාවක් එලොව ගොස් ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් කාන්තාවක් එලොව ගොස් තිබේ. එම කාන්තාව 32 හැවිරිදි නල්ලූර් ප්රදේශයේ පදිංචිකාරියකි.
බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් ඇයට සහ ඇගේ මවට මෙය කර ඇති බවට දැනට සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු වයස අවුරුදු 38ක් පමණ වූ නල්ලූර් ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















