යාපනය, පණ්ඩතෙරිප්පු පෙරියවිලාන් ප්රාණපත්තු කෝවිලේ පැවති උත්සවයකදී අධික ලෙස රතිඤ්ඤා දැල්වීම සහ අධි තීව්‍රතා කෘත්‍රිම විදුලි ආලෝක භාවිත කිරීම හේතුවෙන් ඇස්වල ඇති වූ අසාත්මිකතා නිසා පුද්ගලයන් 400කට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන ඇති බව වාර්තා වේ.
ඉකුත් (20) වැනි දින පවත්වන ලද මෙම උත්සවයට සහභාගි වූවන්ට ඇස් ආශ්‍රිතව දැවිල්ලක් හා පෙනීමේ දුර්වලතා මතුවීම නිසා පසුදින උදෑසන සිට රෝහල්ගත වීම ආරම්භ වී තිබේ. යාපනය ශික්ෂණ රෝහල සහ තෙල්ලිප්පලෙයි රෝහල් වෙත ඇතුළත් වූ මෙම පිරිසෙන් බහුතරයක් මේ වන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, යම් සංකූලතාවක් පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















