කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමඟ එම ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමට ඊයේ (23) වන විට ළඟා වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
මේ වන විට කාසල්රී ජලාශය පිටාර මට්ටමට අඩි 0.6 කට ආසන්න ප්‍රමාණයකටත්, මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3.7 කටත් ළඟා වී ඇති අතර, මේ හේතුවෙන් කැනියන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කෙරේ. මීට අමතරව, පසුගිය වියළි කාලගුණය නිසා පතුලටම සිඳී පැරණි තෙල්දෙනිය නගරයේ නටබුන් මතුව තිබූ වික්ටෝරියා ජලාශයද මේ වන විට යළි ජලයෙන් පිරී ගොස් ඇති බව වාර්තා වේ.
















