යාපනය, තායිඅඩ්ඩි ප්රදේශයේ පිහිටි තිස්ස විහාරය සම්බන්ධයෙන් පවතින ඉඩම් ආරවුල මුල්කරගනිමින් පොහොය දිනවල පැවැත්වෙන විරෝධතා යළිත් අවධානයට ලක්ව තිබේ.
විහාරය ඉදිකර ඇති භූමිය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් සහ ඉඩම් හිමිකම් කියන පාර්ශ්ව අතර පවතින මතභේදය හේතුවෙන් මෙම විරෝධතා පැවැත්වේ. විරෝධතාකරුවන්ගේ ප්රධාන ඉල්ලීමක් වන්නේ අදාළ ඉඩම් නිදහස් කර දීමයි.
කෙසේ වෙතත්, අද (25) පොහොය දිනයේදී විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ට බාධා කරන බවට පළවන තොරතුරු ස්වාධීනව තහවුරු කරගත නොහැකි විය.













