අනුරාධපුර වනජීවී කලාපයට අයත් තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අද (25) වප් පුර පසළොස්වක පොහොය දිනයේ හිමිදිරියේ සිදුකළ වැටලීමකදී බඳින තුවක්කුවක් ඇටවූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත හිඳෝගල, කිඩාගල වැව් රක්ෂිතයේ මෙම වැටලීම සිදුකර ඇත.
පෙර දින රාත්රියේ බඳින තුවක්කුවක් ඇටවූ බව කියන සැකකරු, එමඟින් දඩයම් කරගැනීමට අපේක්ෂා කළ සතෙකු පිළිබඳව පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ සඳහන් වේ.
සැකකරු දිගින් දිගටම වන සතුන් දඩයම් කිරීමේ නිරත වී ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි. සැකකරු සහ නඩු භාණ්ඩ ලබන 30 වැනිදා අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් වේ.
වන අලින් ඇතුළු වන සතුන් නීතිවිරෝධී දඩයම් ක්රමවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා මුර සංචාර වැඩි කිරීම සහ වැටලීම් අඛණ්ඩව සිදු කිරීම ඇතුළු ක්රියාමාර්ග ගෙන ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තිරප්පනේ වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වනසත්ත්ව අඩවි සහකාර බුද්ධික අතුකෝරල මහතාගේ මෙහෙයවීමෙන් වනජීවී නියාමක හේරත්, සිවිල් ආරක්ෂක නිලධාරීන් වන රෝහිත, චන්ද්රසේකර සහ නාලක යන මහත්වරුන් ඇතුළු රියදුරු රත්නායක මහතා මෙම වැටලීමට එක්ව තිබේ.













