වෙසක් සමයේදී සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධානය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවගෙන් සහ දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මඟින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීමේ අවදානමක් පවතින බවයි. මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවල බෝවන රෝග පැතිරයාමේ ප්‍රවණතාවක් පවතින හෙයින්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
දන්සැල් සැලසුම් කිරීමේදී අනිවාර්යයෙන්ම ඒ ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHIs) සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙසත් අමාත්‍යාංශය උපදෙස් ලබා දෙනවා.
සහාය සහ සම්බන්ධීකරණය අවශ්‍ය සංවිධායකයින් සඳහා පහත දුරකථන අංක භාවිත කළ හැකියි:
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සඳහා: ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක THVC විතානගේ – 0776697674
සෙසු ප්‍රදේශ සඳහා: මධ්‍යම ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කේ.කේ.එල්. ජයලාල් – 0779191010
වැඩිදුර සම්බන්ධීකරණ සහාය සඳහා: සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ජනක සුනෙත් බණ්ඩාර – 0714327387














