ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකයේ සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බාධා නිසා උද්ධමනය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව හිටපු ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ප්‍රකාශ කරයි හොංකොං නුවර පැවැති එච් එස් බී සී (HSBC) ගෝලීය ආයෝජන සමුළුව අමතමින් ඇය සඳහන් කළේ මැදපෙරදිග පවතින මෙම ගැටුම ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාවය තවදුරටත් තීව්‍ර කර ඇති බවයි
මෑතකදී නිකුත් වූ උද්ධමන වාර්තාවලින් ද මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවත් ඉදිරියේදී එය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ඇය පෙන්වා දෙයි මෙම තත්ත්වය ලෝක වෙළඳපොළේ සැපයුම් අංශයට එල්ල වූ දරුණු පහරක් (Supply Shock) ලෙස ඇය හඳුන්වා දුන්නාය යුද්ධය හේතුවෙන් බලශක්ති සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම අඩාල වීම මගින් පාරිභෝගික මිල දර්ශක ඉහළ යාම වැළැක්විය නොහැකි බව ද යෙලන් මහත්මිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය














