ඇමරිකාව සහ ඉරානය අතර නව වටයක සාම සාකච්ඡා ආරම්භ වනු ඇතැයි යන බලාපොරොත්තුව මත ලෝක වෙළඳපොළේ ඇමරිකානු ඩොලරයේ අගය අද (15) සති හයකට පසු වාර්තා වූ අවම මට්ටම දක්වා පහත වැටී තිබේ පෙබරවාරි 28 වනදා මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දින සිට ඩොලරය ලබාගෙන තිබූ සියලු වාසි මේ වන විට ගිලිහී ගොස් ඇති බව වාර්තා වෙයි ආයෝජකයන් සාම සාකච්ඡා කෙරෙහි සුබවාදී බලාපොරොත්තු තබා ගැනීම නිසා ආරක්ෂිත ආයෝජනයක් ලෙස ඩොලරයට තිබූ ඉල්ලුම අඩු වීම මීට හේතුවයි
ලෝක තෙල් සහ ගෑස් ප්‍රවාහනයෙන් පහෙන් එකකට දායක වන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම නිසා මෙතෙක් කල් වෙළඳපොළේ පැවති අවිනිශ්චිතතාවය ජනාධිපති ට්‍රම්ප්ගේ නව ප්‍රකාශයත් සමඟ මඳක් ලිහිල් වී ඇත මේ හේතුවෙන් යුරෝව සහ ස්ටර්ලින් පවුම වැනි මුදල් ඒකකවල අගය ඉහළ ගොස් තිබේ එසේම බිට්කොයින් (Bitcoin) අගය ද ඩොලර් 74,612 දක්වා ඉහළ ගොස් ඇති අතර කොටස් වෙළඳපොළවල් ද යම් ප්‍රගතියක් පෙන්වමින් පවතී














