ඉතාලි ටෙනිස් ක්‍රීඩක ජැනික් සින්නර්, ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් පරාජය කරමින් 2026 වසරේ විම්බල්ඩන් ශූරතාව දිනා ගැනීමට සමත් විය.
මෙය සින්නර් විම්බල්ඩන් ශූරතාව අඛණ්ඩව දිනාගත් දෙවන අවස්ථාව වන අතර, ඔහුගේ ටෙනිස් දිවියේ දිනාගත් 05 වන විම්බල්ඩන් ශූරතාව මෙයයි. ඉතා උණුසුම් තරගයකින් අනතුරුව අවසන් තරගයේ ලකුණු සටහන දැක්වුණේ 06-07, 07-06, 06-03 සහ 06-04ක් ලෙසිනි.
මෙම ජයග්‍රහණයත් සමඟ නූතන ටෙනිස් ඉතිහාසයේ විම්බල්ඩන් ශූරතාව සාර්ථකව ආරක්ෂා කරගත් දසවන ක්‍රීඩකයා ලෙස ජැනික් සින්නර් වාර්තා පොත් අතරට එක් විය.
















