දිවයින පුරා පවතින අධි අවදානම් සහිත ඩෙංගු කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (13) දින සිට ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.
මෙම අධි අවදානම් කලාප 60න් 23ක්ම බස්නාහිර පළාත තුළ පිහිටා තිබීම විශේෂත්වයකි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, හඳුනාගත් මෙම අධි අවදානම් කලාපවල ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ විමර්ශන සහ මර්දන ක්‍රියාමාර්ග අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
















