ජපානයේ ටෝකියෝ නගරය ආසන්නයේ පිහිටි චිබා ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය පැයකටත් අඩු කාලයක් තුළ ජපානයේ වාර්තා වූ දෙවන භූචලනය වේ. මීට පෙර දකුණු ඉබරාකි ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් වාර්තා විය.
මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් පවතී.
















