ලිංගික සහ ස්ත‍්‍රී පුරුෂ භාවය මත පදනම්වන ප‍්‍රචණ්ඩත්වය පිලිබද (SGBV) එක්සත් ජාතීන්ගේ ප‍්‍රතිපත්තිය මත පදනම්වන රාජ්‍ය ප‍්‍රතිපත්ති රාමුවක් ඇති අතර එවැනි සංවේදී විෂයක් සදහා වන පරීක්‍ෂණයක් සදහා එම ක්‍ෂේත‍්‍රයේ දැනුම සහ පළදුරුද්ද සහිත විශ‍්‍රාමලත් මහේස්ත‍්‍රාත්වරියක්, පොලිස් නිලධාරිනියක් හෝ මහාචාර්යවරියක් වැනි අයෙක් පත්කිරීම කල යුතුව තිබුණි.
විශේෂයෙන්ම මහාචාර්ය ටී.කුඩාගම්මන, සම්මානිත මහාචාර්ය කමලා ලියනගේ සහ ආචාර්ය කුමාරි තෝරදෙණිය වැනි විද්වත් ( සහ කාන්තා සහභාගීත්වකට බර තබන ලද) විද්වත් කමිටුවක් මගින් ලබාදුන් මූලික පරීක්‍ෂණ වාර්ථාවක් මත සිදුකෙරෙන විධිමත් විනය පරික්‍ෂණයක් ඊට ඉහල ප‍්‍රවීනත්වයකින් යුතු විනිශ්චය සභාවක් විසින් සිදුකල යුතු වීම සාමාන්‍ය සම්ප‍්‍රදායයි.
එහෙත් බලධාරීන්ට අවශ්‍යව තිබුනේ එවැනි ප‍්‍රවීන විනිශ්චය සභාවක් නොවේ.
ලලිත් වීරසිංහට නිකුත් කරන ලද චෝදනා පත‍්‍රයේ චෝදනා විභාග කිරීම සදහා “ගොරකා දඩමස් කල හැකි” කුලී ලියන්නෙකු අවශ්‍ය කර තිබුන අතර ඒ සදහා විශ‍්‍රාම ගිය ගණකාධිකාරීවරයෙකු බව කියන කුමාරසිරි නැමැත්තෙකු පත්කරගෙන තිබෙන්නේ විශ්වවිද්‍යාලයේ ඉහලම බලධාරියෙකුගේ මැදිහත්වීමෙනි.
මෙම කටයුත්ත සදහා කුමාරසිරි නැමැත්තාම තොරාගෙන තිබෙන්නේ මන්දැයි ඔහු වෙත පසුගිය කාලසීමාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් පවරන ලද විනය පරීක්‍ෂණ තොගය සහ ඒවායේ තීන්දු පිලිබදව සලකා බැලීමේදී තේරුම්ගත හැකිය.
කුමාරසිරි කවරෙක්දැයි මනාව අවබෝධකර ගැනීම සදහා අප පාසැල් කාලයේ විනෝදයට අසා තිබෙන පහත සදහන් මනඃකල්පිත කථාව කිව යුතුය.
එක්තරා රටක ඒකාධිපති ජනාධිපතිවරයෙකුට තම අගමැතිවරයා වශයෙන් පුද්ගලයෙකු තෝරා ගැනීමට අවශ්‍ය විය.ඔහු ඒ සදහා සම්මුඛ පරීක්‍ෂණයක් කැදවීය.සම්මුඛ පරීක්‍ෂණය සදහා ඇමති මණ්ඩලයේ සිටි ඉහල උගත්කමකින් යුක්ත, පලපුරුදු, කීර්තිමත්, නීතීඥයන් දෙදෙනෙකු සහ වැඩි උගත්කමක් නැති වයසක ඇමතියෙකුද ඉදිරිපත් විය.
නීතීඥයන් දෙදෙනා එකිනෙකාට පස මිතුරු වූ අතර තනතුරට සුදුසු වන්නේ ඉහල අධ්‍යාපනයක් ලැබූ තමන්ම බව විශ්වාස කළේය.
ජනාධිපතිවරයා තිදෙනා කැදවා එකම එක ප‍්‍රශ්නයක් ඉදිරිපත් කලේය.ඔහු වයිට් බෝඩයක 11 ඉලක්කම ලියා එහි ලියා ඇති ඉලක්කමෙහි අගය කුමක්දැයි තිදෙනාගෙන් විමසුවේය.
බුද්ධිමතෙකු ලෙස ප‍්‍රසිද්ධ එක් නීතීඥ ඇමතිවරයෙකු එක්වරම කීවේ “ජනාධිපතිතුමා මෙතන තියෙන්නෙ 11 ඉලක්කම එකේ අගය 11යි.මේවා පුංචි ළමයින්ගෙන් අහන ප‍්‍රශ්න නේ” යනුවෙනි.
ඔහුට ප‍්‍රතිවිරුද්ධ අදහස් දරණ අනෙක් රාජනීතීඥයා කෙස් පැලෙන නීති තර්කයක් ඉදිරිපත් කරමින් සිනාසී කීවේ “මොන පිස්සුද මෙතන තියෙන්නේ එකේ ඉලක්කම් දෙකක්.ඒ දෙකේ සංඛ්‍යාත්මක අගය 2 යි එහෙම නොවෙයි නම් ප‍්‍රති තර්ක වලින් ඒක ඔප්පු කරන්න.”යනුවෙනි.
තුන්වනියා කිසිවක් නොකියා බලා සිටියෙන් “තමුන් ගේ උත්තරය මොකක්දැයි” ජනාධිපතිවරයා ඇසුවේය.
ඔහු සෙමෙන් කීවේ “සර් කැමති ගණනක් කියන්න මමත් ඒකම කියන්නම්” යනුවෙනි.
ජනාධිපතිවරයා නීතීඥයන් දෙදෙනාම එලවා දමා තම අගමැතිවරයා ලෙස වයසක ඇමතිවරයා පත්කරගත්තේ “මට ඕන මේ වගේ මිනිස්සු” කියමිනි.
කුමාරසිරි අන්න ඒ වයසක ඇමතිවරයා වගේ මිනිසෙකි.
ඒ අනුව වයසට ගොස් විශ‍්‍රාම යාම හැරුණු විට වෙනත් කිසිදු විශේෂ අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකමක් නැති, විශේෂයෙන් ලිංගික සහ ස්ත‍්‍රී පුරුෂ භාවය මත පදනම්වන ප‍්‍රචණ්ඩත්වය පිලිබද (SGBV) ප‍්‍රතිපත්තිය හෝ නීති රාමුව පිළිබද පුහුණුවක් හෝ වෘත්තීමය භාවයක් නොමැති කුමාරසිරි කැමැති දේ ලියා දීමේ සුදුසුකම මත මෙම සුවිශේෂී විනය පරීක්‍ෂණයේ පරීක්‍ෂණ නිලධාරියා ලෙස පත් කෙරිණි.
ඉන් අනතුරුව සිදුවන දේ අනුමාන කිරීමට “රොකට් සයන්ස්” දැනුම අවශ්‍ය නොවේ.
– මතු සම්බන්ධයි
















