ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රගමනය උදෙසා පත්ල පහත් (Low-floor) බස් රථ 7ක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කර තිබේ.
ජපන් රජයේ සහ ජපානයේ යොකොහමා (Yokohama) නගර වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගයක් ලෙස ලබාදුන් මෙම නව බස් රථ හත ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා (Akio Isomata) මහතා අතින් සිදුකෙරුණි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහ වැඩිහිටියන්ට පහසුවෙන් ගමන් කළ හැකි මෙම බස් රථ මගින් මෙරට පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.














