දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය අනුගමනය කළ දැඩි සාමකාමී ප්‍රතිපත්තියෙන් බැහැර වෙමින් පසුගිය දශකය පුරා සිය අවි අපනයන සීමාවන් ක්‍රමයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ 2014 වසරේදී එවකට අගමැති ෂින්සෝ අබේ විසින් පනවා තිබූ සමස්ත අවි අපනයන තහනම ලිහිල් කිරීමෙන් ඇරඹි මෙම ගමන 2026 වසර වන විට ප්‍රබල මට්ටමකට පැමිණ ඇත ඒ අනුව මීට පෙර පැවති ප්‍රවාහන සහ මුදාගැනීමේ මෙහෙයුම් වැනි සීමිත අංශ පහකට පමණක් පනවා තිබූ අවි අලෙවි සීමාවන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට වත්මන් අගමැතිනී සනායි ටකායිචිගේ (Sanae Takaichi) රජය සූදානමින් සිටී
ජපානය මේ වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 7 ක යුධ නෞකා ඇණවුමක් ලබා ගැනීමට සමත්ව ඇති අතර එය එරට ඉතිහාසයේ විශාලතම හමුදා අපනයනය ලෙස සැලකේ මීට අමතරව පිලිපීනය ඉන්දුනීසියාව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වැනි රටවලට මුර සංචාරක යාත්‍රා රේඩාර් පද්ධති සහ ඩ්‍රෝන යාත්‍රා ලබා දීමට ද කටයුතු කර තිබේ චීනයෙන් එල්ල වන සමුද්‍රීය පීඩනය හමුවේ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ දේශීය ආරක්ෂක කර්මාන්තය ශක්තිමත් කිරීම ජපානයේ මෙම නව ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ වී ඇත














