අලුත් අවුරුදු දින දිවයිනේ ප්‍රදේශ දෙකක සිදු වූ ඝාතන දෙකකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වැල්ලවාය, නෙටොලගම ප්‍රදේශයේදී 32 හැවිරිදි කාන්තාවක සිය අනියම් සැමියා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත. මේ අතර පයාගල විහාරකන්ද ප්‍රදේශයේ පැවැති මත්පැන් සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් 46 හැවිරිදි පුද්ගලයෙකුගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව අනුරාධපුර නුවර වැවෙහි තිබී මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර නොගත් පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇත. මියගිය පුද්ගලයා අඩි 5යි අඟල් 6ක් පමණ උස, රැවුල වවා ඇති අයෙකු වන අතර නිල් පැහැති කොට කලිසමකින් සැරසී සිට ඇත. මෘත ශරීරය මේ වන විට අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. අලුත් අවුරුදු උදාවත් සමඟ වාර්තා වන මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සහ අවාසනාවන්ත මරණ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මහජනතාවගෙන් වැඩි අවධානයක් ඉල්ලා සිටියි.














