රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන් ස්වාධීන රූපවාහිනිය ක්‍රියාත්මක කරන **Take Care සුරැකෙමු මගතොට** වැඩසටහනේ තවත් අදියරක් මේ වනවිට කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසලේදී පැවැත්වෙනවා.
මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ දරු දැරියන් මෙන්ම ගුරුවරුන් විශාල පිරිසක්ද එක්ව සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.
මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සහ රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
















