නැගෙනහිර ජපානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් චිබා ප්‍රාන්තයට ඉතා අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර, පැය 24ක කාලයක් තුළ එහි ඇතැම් ප්‍රදේශවලින් මිලිමීටර් 367ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර චිබා ප්‍රාන්තයේ පැය 24ක් තුළ වාර්තා වූ ඉහළම වර්ෂාපතනය ලෙස සැලකුණේ 2023 වසරේ වාර්තා වූ අගයයි.
















