FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝට එරෙහිව ආසියානු පාපන්දු සම්මේලනය (AFC), යුරෝපා පාපන්දු සංගමය (UEFA) සහ උතුරු, මධ්‍යම ඇමරිකානු සහ කැරිබියානු පාපන්දු සංගමය (CONCACAF) එක්ව නිකුත් කළ විවෘත ලිපිය සම්බන්ධයෙන් කටාර් පාර්ශ්වය සිය අප්‍රසාදය පළ කර තිබේ.
මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කිරීමට පෙර තමන්ගෙන් හෝ කටාර් පාපන්දු සංගමයෙන් (QFA) කිසිදු සාකච්ඡාවක් කර නොමැති බව පවසමින් කටාර් පාපන්දු සංගමයේ සභාපති ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-තානි මහතා AFC සභාපති ෂෙයික් සල්මාන් බින් ඉබ්‍රාහිම් අල් කලීෆා වෙත ලිපියක් යවා ඇත.
ළඟදී පැවැත්වෙන නැවත ඡන්ද විමසීමට සූදානම් වන FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් මෙම සංගම් තුන එකඟතාවකට පැමිණ තිබුණි. කෙසේ වෙතත්, සාමාජික රටවල් 47ක එකඟතාවකින් තොරව මෙලෙස සමස්ත ආසියානු පාපන්දු සංගමය වෙනුවෙන් අදහස් දැක්වීමට බලය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස අල්-තානි මහතා AFC සංගමයෙන් ඉල්ී සිටී. මෙම සිදුවීමත් සමඟ ආසියානු පාපන්දු සම්මේලනය තුළ සභාපතිවරයාගේ නායකත්වය සම්බන්ධයෙන් මතභේද පවතින බව පැහැදිලි වී තිබේ.
















