• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජපානය හා ශ්‍රී ලංකාව අතර සමුද්‍රිය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ

21 August 2018
in දේශීය

ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමු වෙයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා (Itsunori Onodera) මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුව අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවට ලක් විය.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක් වන අතර, ජනාධිපතිවරයා විසින් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඉතා සුහදශීලීව පිළිගනු ලැබී ය.

ජනාධිපතිවරයාගේ පසුගිය ජපාන රාජ්‍ය සංචාරයේ දී ඇතිකරගත් එකඟතා කි‍්‍රයාවට නැංවීමේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර, ශ‍්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ද වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.

ඒ යටතේ සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාවය ශක්තිමත් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු වනු ඇති.

ජනාධිපතිවරයා සහ ජපාන අග‍්‍රාමාත්‍ය සින්ෂෝ අබේ මහතා අතර පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවේ වෙරළ ආරක්ෂක කටයුතු සඳහා බිලියන 1.8 ක් වටිනා වෙරළාරක්ෂක යාත‍්‍රා දෙකක් ලබාදීමට පසුගියදා ජපාන රජය පියවර ගත් අතර, ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේ ය.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සිය දෙදින සංචාරය තුළදී හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්හි ද සංචාරය කිරීමට නියමිත අතර ඒ පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිවරයා, සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ දෙරට අතර ක්‍රියාත්මක වැඩසටහන් මගින් ඉදිරියේ දී දෙරට අතර එම සහයෝගිතාව තවදුරටත් වර්ධනය වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

Post Views: 15
Previous Post

ඇත්ත නැත්ත රටට හෙළි කරන්න – ඇමැති රිෂාඩ් ආණ්ඩුවෙන් ඉල්ලයි

Next Post

බරපතල ආපදාවකට මුහුණ දීමට රජය සුදානම් – රාජ්‍ය ඇමැති පාලිත කියයි

editor

editor

Next Post

බරපතල ආපදාවකට මුහුණ දීමට රජය සුදානම් - රාජ්‍ය ඇමැති පාලිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved