ජපන් භාෂා ප්‍රවීණතාව පවතින්නේ නම් පාසල් අධ්‍යාපනය අතරමැදදී අතහැර දැමූ තරුණ තරුණියන්ට ද ජපානයේ ලොරි සහ ට්‍රක් රථ රියදුරු (Truck-Driving) ඇතුළු රැකියා කිහිපයක් සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියෝජිතායතනයේ (SLFEA) සභාපති Lal Hettiarachchi (ලාල් හෙට්ටිආරච්චි) මහතා පවසයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, එකම රජයේ අනුබද්ධ විදේශ රැකියා නියෝජිතායතනය වන SLFEA හරහා අඩු පිරිවැයකින් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ නව වැඩපිළිවෙළක් ඇරඹූ බවයි. ජපානයට අමතරව දකුණු කොරියාව, ඉශ්‍රායලය සහ මැදපෙරදිග රටවල් ගණනාවක ඉදිකිරීම්, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, ප්‍රවාහන, කෘෂිකර්ම සහ ඇඟලුම් ක්ෂේත්‍ර සඳහා බඳවාගැනීම් දැනටමත් ආරම්භ කර ඇත. අදාළ රැකියා ඇබෑර්තු සඳහා අයදුම් කිරීමට www.slfea.lk නිල වෙබ් අඩවියට පිවිසිය හැකි අතර, විදේශගත වන ශ්‍රමිකයන් සඳහා අඩු මුදලට ගුවන් ටිකට්පත් ලබාදීමේ මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර තිබේ.














