පින්නවල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී ගෙවල් බිඳීම් සහ සොරකම් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී නිවාස බිඳීම් සහ සොරකම් සිදු කිරීමේ චෝදනා මත සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙනත් ගම්මිරිස් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ තවත් සැකකරුවෙක්ද මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි. සැකකරුවන් සතුව තිබී සොරකම් කරන ලද භාණ්ඩ ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, පින්නවල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














