ජපානයේ ඊසානදිග ටොහෝකු ප්‍රදේශයේ සිට නිරිතදිග කියුෂු දක්වා වූ ප්‍රදේශ පුරා අද (20) දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවට ජපන් කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා සිටියි. පවතින අධික උණුසුම හේතුවෙන් සිදුවිය හැකි තාප ආඝාත (Heatstroke) තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස එරට කාලගුණ අංශ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
එරට සමස්ත ප්‍රාන්ත 47 න් ප්‍රාන්ත 39 ක් සඳහාම මේ වන විට තාප ආඝාත පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම අධික උණුසුම් කාලගුණය සතිය පුරාම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ටෝකායි ඇතුළු ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය එළඹෙන බ්‍රහස්පතින්දා වන විට සෙල්සියස් අංශක 40 ඉක්මවා යනු ඇති බවට ද කාලගුණ අංශ පුරෝකථනය කර ඇත.
















