• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

JAT Holdings කෙන්යාවේ “JAT Paints Africa Limited” සංස්ථාගත කරයි

8 August 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ, බංගලාදේශයේ සහ මාලදිවයිනේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC, තම මූලික මහජන කොටස් නිකුතුවේදී සඳහන් කළ ආකාරයටම කෙන්යාවේදී “JAT Paints Africa Limited” සංස්ථාගත කර තිබේ.

කෙන්යාවේ ප්‍රධාන පෙළේ සමූහ ව්‍යාපාරයක් වන Mayleen Corp සමග එක් වී මෙම සමාගම ආරම්භ කර ඇති අතර, මේ සඳහා වන ගිවිසුමට JAT Holdings සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා සහ කෙන්යාවේ Mayleen Corp හි සාමාජික සමාගමක් වන Mayleen (K) Limited හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා අත්සන් තබන ලදි.

දකුණු ආසියානු කලාපයේ දැව ආලේපන වෙළඳපොළ තුළ දැවැන්ත සාර්ථකත්වයක් අත්පත් කරගැනීමෙන් අනතුරුව, අප්‍රිකානු වෙළඳපොළද ජයගැනීමේ අරමුණින් JAT Holdings සමාගම මෙම පියවර ගෙන තිබේ. ආයෝජකයන් වෙත ලබාදුන් ප්‍රතිඥාවක් ඉටුකරමින් මෙම සමාගම සංස්ථාගත කිරීමෙන් අනතුරුව, නැගෙනහිර අප්‍රිකානු කලාපය තුළ තම ව්‍යාපාර කටයුතු ආරම්භ කරමින් එම කලාපයේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත්වීමට JAT Holdings සමාගම අපේක්ෂා කරයි. මෙම හවුල්කාරීත්වයත් සමග JAT Holdings සමාගමට Sayerlack දැව ආලේපන සහ අනෙකුත් JAT නිෂ්පාදන කෙන්යාවේ සහ නැගෙනහිර අප්‍රිකාවේ අලෙවි කිරීමට අවස්ථාව ලැබී තිබේ.

මෙම නවතම පියවර සහ සමස්තයක් ලෙස සමාගමේ ක්‍රමෝපායික ඉලක්ක සම්බන්ධයෙන්, JAT Holdings සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වී ය. “දැව ආලේපන කර්මාන්තයේ අපගේ දැක්මට සමාන දැක්මක් සහිත හවුල්කරුවෙකු සමග මෙම නව සමාගම සංස්ථාගත කිරීමට හැකි වීම මහත් සතුටක්. අප සතු අත්දැකීම් සම්භාරය මෙන්ම නවෝත්පාදනය හා තිරසාරත්වය ඔස්සේ පාරිභෝගික තෘප්තිය සහතික කරමින්, කෙන්යාවේ සහ නැගෙනහිර අප්‍රිකාවේ වෙළඳපොළවල පෙරළියක් සිදුකිරීමට අප බලාපොරොත්තු වනවා. Mayleen Corp සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය අපගේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මේ ඔස්සේ අපට විශිෂ්ටත්වයේ නව මානයක් සනිටුහන් කිරීමට හැකියාව ලැබේවි. එමෙන්ම මෙම හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගාසිටුවීමේ සහ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් විදේශ රටවල අපගේ ව්‍යාපාර ස්ථාපිත කිරීමේ උත්සාහයේ තවත් සාර්ථක පියවරක්ද වනවා.”

මේ වනවිටත් නයිරෝබි, ගැබොන් සහ ලාගොස් වැනි නගරවල මහා පරිමාණ ගෘහභාණ්ඩ නිෂ්පාදකයන් අතර JAT නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබේ.

Mayleen Corp යනු කෙන්යාව පදනම් කරගත්, ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරන විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. 2005 වර්ෂයේදී වෙළඳ සමාගමක් ලෙස ආරම්භ වූ එය මේ වනවිට විශිෂ්ට තලයේ ව්‍යාපාරික සම්බන්ධතා උදෙසා මහත් කීර්තියක් දිනාගත් ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බවට පත් වී තිබේ. Mayleen Corp එරට තුළ යටිතල පහසුකම් සංවර්ධනය, සිවිල් ඉංජිනේරු සේවාවන්, විදුලි ඉංජිනේරු සේවාවන්, නිෂ්පාදන, විදුලි සම්ප්‍රේෂණ මාර්ග සැලසුම් කිරීම හා නිෂ්පාදනය, විදුලි වාහන සඳහා පොදු ආරෝපණ මධ්‍යස්ථාන සහ DMC කෘෂි ගුවන් සේවාව ඇතුළුව කෙන්යාව පුරා තවත් නිෂ්පාදන හා සේවාවන් රාශියක් සපයයි. එමෙන්ම එය විදේශ සමාගම්වලට කෙන්යාව හරහා නැගෙනහිර අප්‍රිකාවේ වෙළඳපොළවලට පිවිසීමට අවස්ථාව ලබා දෙයි.

“අපගේ ඉලක්කය වන්නේ කෙන්යාවේ සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රමුඛතම දැව ආලේපන සපයන්නා බවට පත්වීමයි. JAT Holdings සමග එක්ව කටයුතු කිරීම තුළින් අපට නවීනතම දැනුම හා තාක්ෂණය භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා. නව්‍ය, පරිසර හිතකාමී සහ උසස් තත්වයේ දැව ආලේපන සපයමින් දේශීය වෙළඳපොළේ ඉල්ලුම සපුරාලීමට කෙන්යාවේ පිහිටි අපගේ අතිනවීන පහසුකම් සහිත කර්මාන්තශාලාවට හැකියාව තිබෙනවා. JAT Holdings සහ Mayleen Corp යන සමාගම්වල ශක්තීන් එක්තැන් කිරීමක් වන JAT Paints Africa, ඉදිරියේදී උසස්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමග සපයමින් වෙළඳපොළට නව ආදර්ශයක් සැපයීමට සූදානම්.” Mayleen Corp නිර්මාතෘ හා සභාපති රුවන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

JAT Holdings PLC වෙතින් ලැබෙන උසස් තාක්‍ෂණය සහ පුහුණුව නිසා, අප්‍රිකාවේ දැව ආලේපන කර්මාන්තය කැපීපෙනෙන පරිවර්තනයකට ලක් වනු ඇතැයි අපේක්ෂා කළ හැක. දැනට එහි දැව ආලේපන කර්මාන්තය තුළ මූලික වශයෙන් භාවිතා වන්නේ NC (Nitrocellulose) ලෙස හඳුන්වනු ලබන solvent-based ආලේපන ය. මෙම ආලේපනවල පරිසර හිතකාමීත්වය සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධ යම් යම් ගැටලු හා සීමාවන් පවතී. JAT Holdings හි සහයෝගයත් සමග මෙම තත්ත්වය වෙනස් කරමින් Water-Based (WB) සහ වෙනත් උසස් තත්ත්වයේ නිෂ්පාදන භාවිතයට ගැනීමට අප්‍රිකානු කලාපයේ පාරිභෝගිකයන්ට හැකි වනු ඇත. එම නිෂ්පාදන Polyurethane ආරක්ෂාව සමගින් වැඩි කාලයක් පවතින අතර, සීරීම්වලට හා තෙතමනයට වඩාත් හොඳින් ඔරොත්තු දෙයි. මේ ආකාරයට Water-Based නිෂ්පාදන සහ Polyurethane තාක්ෂණය භාවිතා කිරීම යනු, පාරිභෝගිකයන්ටත් පරිසරයටත් ප්‍රතිලාභ රැසක් ගෙනෙන පියවරකි.

අප්‍රිකානු කලාපයේ ආර්ථික සංවර්ධනයට තවදුරටත් දායක වීමේ අරමුණින් JAT Holdings සහ Mayleen Corp එක් වී මේ වනවිට පුහුණු වැඩසටහන් රැසක්ද ක්‍රියාවට නංවා තිබේ. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය ඔස්සේ, කෙන්යාවේ සහ නැගෙනහිර අප්‍රිකාවේ පාරිභෝගිකයන් වෙත නව්‍ය, පරිසර හිතකාමී සහ කල් පවතින නිෂ්පාදන හඳුන්වා දෙමින්, එම රටවල දැව ආලේපන කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම JAT Paints Africa හි අරමුණ වී ඇත.

පිටපත – PR

Post Views: 6
Previous Post

රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයේ ඇති වු ගින්නෙන් අයෙකු මරුට

Next Post

පනත් කෙටුම්පත් කිහිපයක ග්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානාකවරයා නිවේදනය කරයි

editor

editor

Next Post

පනත් කෙටුම්පත් කිහිපයක ග්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානාකවරයා නිවේදනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved