27 April 2024
#සංවර්ධන

JAT පින්තාරු ශිල්පී අභිමන් වැඩසටහන වෙනුවෙන් JAT හා NAITA අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

දෑතේ සවියෙන් කැටයම් මවනා දැව පින්තාරු ශිල්පීන් දිරිගැන්වීමේ අරමුණින් JAT Holdings සහ NAITA එක්ව ආරම්භ කිරීමට නියමිත ‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ වැඩසටහන වෙනුවෙන් විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සිදු කෙරිණි.

ඒ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සහභාගීත්වයෙන් අද (10) දින JAT Holding සමාගමෙහි ශ්‍රවණාගාරයේ දීය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) සහයෝගය ලබා ගනිමින් ක්ෂේත්‍රයේ සිටින දැව පින්තාරු ශිල්පීන්ගේ පෙර දැනුම ඇගැයීමකට ලක්කර (RPL) මෙරට දැව භාණ්ඩ ක්ෂේත්‍රය සංවර්ධනය වෙනුවෙන් අතහිත ලබාදෙමින් එම දැව පින්තාරු ශිල්පීන්ට NVQ 3 සුදුසුකම ලබා දී නිපුණතා සහිත ව්‍යවසායකයින් බිහි කිරීම මෙහි අරමුණ වේ.

මෙම සත්ක්‍රියාවේ ආරම්භය සනිටුහන් කරමින් දැව පින්තාරු ශිල්පීන් ලියාපදිංචි කිරීම ද අද දින සිදු විය.

මෙම මෙහෙවර සඳහා NAITA ආයතනයේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතා, JAT Holdings නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන, JAT holding සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *