ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්වලට අදාළව කිසිදු ලිඛිත දේශනයක් ඉදිරිපත් නොකරන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෝසමක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස කළ ඉල්ලීම කිසිදු හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප වීම සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසු වාචික දේශන ඉදිරිපත් කිරීමට හෝ නීතිපති කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදු කිරීමට තමන්ට අවසර ලබා නොදීම මෙම තීරණයට හේතු වූ බව එම මෝසමෙන් පෙන්වා දී ඇත. 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරි දිනවලදී කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිතය.
















