ජෙරම් ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් යුත් ‘The Glorious Church’ (විශිෂ්ඨ පල්ලිය) එක්සත් රාජධානිය තුළ පිහිටි සිය ශාඛා හතරේ මෙහෙයුම් පුළුල් කරමින් සහ විධිමත් කරමින්, එරට පුණ්‍යායතන කොමිෂන් සභාවේ (Charity Commission for England and Wales) නිල වශයෙන් ලියාපදිංචි වී ඇත. ශ්‍රී ලංකාවෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ මෙම දේවස්ථානයක් බ්‍රිතාන්‍ය පුණ්‍යායතන කොමිෂන් සභාවේ ලියාපදිංචිය ලැබූ පළමු ශ්‍රී ලාංකික පදනමින් යුතු පල්ලිය ලෙස ඉතිහාසගත වේ.
මෙම සන්ධිස්ථානය සනිටුහන් කරමින් ලන්ඩන් නුවර බකිංහැම් මාලිගා වීදියේ (Buckingham Palace Road) නව කාර්යාලයක්ද මෑතකදී විවෘත කර තිබේ. ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ මෙම ජාත්‍යන්තර දේවස්ථානය, “සෑම රටකම ශාඛාවක්” පිහිටුවීමේ සිය ගෝලීය දැක්ම යටතේ යුරෝපා කලාපය සඳහා වන පරිපාලන සහ නීතිමය කටයුතු ඉදිරියේදී ලන්ඩන් මූලස්ථානයේ සිට තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් වේ.














