රැඳවුම් නියෝග මත සිට ලබන මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෝරළගමගේ මන්දිනු පත්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ නීතිඥයින් කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, වැලිසර බන්ධනාගාරය තුළ ඔහුගේ විරුද්ධවාදීන් සිටින බැවින් වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක ඔහු රඳවා තැබීමේ නියෝගයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව, සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙස අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළ අතර, ඒ යටතේ සැකකරු ඊයේ පස්වරුවේම බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.














