ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (30) විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, අද දිනයේ පවතින විදුලි ඉල්ලුමෙහි අඩු වීමක් හේතුවෙන් පද්ධතියේ අසමතුලිතතාවයක් ඇති වී තිබෙන බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගැනීමට සිදුවූ බවත්ය. කෙසේ වෙතත්, විදුලිය විසන්ධි වූ ප්‍රදේශවල විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවද අමාත්‍යවරයා සහතික විය.
මේ අතර, විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් පද්ධතියේ ස්ථායීතාවය තවදුරටත් රැකගැනීම සඳහා වහලය මත සවිකර ඇති සූර්ය පැනල අද (30) පස්වරු 03.00 දක්වා ක්‍රියා විරහිත කර තබන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම සූර්ය පැනල හිමිකරුවන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.
















