මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ මහනුවර මහ නගර සභාව (KMC) එක්ව විශේෂ පරිසර සංරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම වැඩසටහන යටතේ නගරය පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන අතර, වර්ගීකරණය කරන ලද අපද්‍රව්‍ය එකතු කිරීමේ බඳුන් සහ පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු මහනුවර මහ නගර සභාව වෙත ලබා දී ඇත. තිරසර අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ බැහැර කරන අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
මහනුවර වේස් පාර්ක් (රාජකීය මාලිගා උද්‍යානය) හිදී මෙම උපකරණ භාර දීම සිදු වූ අතර, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක, නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ සහ ශ්‍රී ලංකාවේ ජයිකා ප්‍රධාන නියෝජිත ෂිගේඕ හොන්සු (Shigeo Honzu) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
















