ඓතිහාසික උරුමය සුරකිමින් කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.
ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
ලෝක බැංකු ණය සහ ආධාර යටතේ, බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ කොළඹ මහනගර සභාව (CMC) එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන හා ගොඩනැඟිලි ආරක්ෂා කරමින්, කොළඹ වරාය නගරය (Port City) සහ වරායට පැමිණෙන සංචාරක නෞකා සමඟ සම්බන්ධ වෙමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීම අපේක්ෂාවයි.
ප්‍රදේශයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා විධිමත් රථවාහන අධ්‍යයනයක් (Traffic Study) සිදු කරමින් පවතින අතර, ප්‍රදේශයේ ඇළ මාර්ග සංවර්ධනය කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයා ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත.
















