විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ ආබාධ සහිත සරසවි සිසුන් ඇගයීමට ලක්කෙරෙන ‘සරසවි දිරිය අබිමන්’ උපහාර වැඩසටහන හෙට (11) පෙරවරු 9.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. මෙම උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. දැනට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් 450ක් පමණ මෙහිදී ඇගයීමට ලක් කෙරෙන අතර, ඔවුන්ගේ අධ්‍යාපන තාක්ෂණික මෙවලම් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂයක විශේෂ මුදලක් ද පිරිනැමේ.
සාමාන්‍යයෙන් හිමිවන රුපියල් 9,000ක ශිෂ්‍යාධාරය, රුපියල් 10,000ක මහපොළ දීමනාව සහ රුපියල් 5,000ක ආබාධිත විශේෂ දීමනාවට අමතරව, ජනාධිපති අරමුදල හා සම්බන්ධ වෙමින් මෙම එක්දින විශේෂ ‘සරසවි දිරිය අබිමන්’ දීමනාව ඔවුන් වෙත පිරිනමන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කර තිබේ.
















