පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී රුපියල් 7,973,114.50 ක පාඩුවක් සිදුකිරීම සහ බාහිර පාර්ශ්වයකට අයුතු වාසියක් සැලසීමේ දූෂණ චෝදනාව මත හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මිලදී ගැනීමේදී නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් ලබානොගෙන, ඩීසයින් පොයින්ට් පුද්ගලික සමාගමෙන් මිලදී ගැනීමට කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී ඇති අතර, 2026 සැප්තැම්බර් 04 වන දින පෙ.ව. 9.25 ට හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත. මීට අදාළ ආධාර අනුබල දීමේ චෝදනා මත ඩීසයින් පොයින්ට් සමාගමේ හිමිකරු වන පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන අයද එදිනම පෙ.ව. 9.30 ට කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වේ.
















