වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්පංගුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, මෙරට නිෂ්පාදිත බැරල් දෙකක් ආකාරයෙන් සකස් කළ නවීන ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ “ගම්පංගුව බබා” නැමැති අපරාධකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගිනිඅවිය ඕනෑම ස්ථානයකට පහසුවෙන් ගෙන ගොස් වෙඩි තැබිය හැකි ආකාරයෙන් සූක්ෂ්ම ලෙස නිෂ්පාදනය කර ඇති අතර, ඊට අමතරව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 792ක්ද පොලිස් භාරයට ගෙන ඇත. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප මත සිටින සහ වරෙන්තු ලබා ඇති ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 30 හැවිරිදි මෙම සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















