ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.
වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය විසින් සැකකරුවන් මුදා හැරීමට නියෝග කළේ රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප හතරක් මතය.
මෙම නඩුවට අදාළව හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු ඇතුළු පස්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර තිබුණි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම පිරිසට එරෙහිව නඩු පවරා තිබුණි. සතොස ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු දිගටම ක්‍රියාත්මක වේ.













