වත්මන් රජය බලයට පත්වීමට පෙර සිදුකළ ප්‍රකාශ සහ පොරොන්දු කිසිවක් ඉටු කිරීමට මේ වන තෙක් අපොහොසත් වී ඇති බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මහින්ද රාජපක්ෂ මහතා ගත්තා කියපු චෙක්පත් අංක දන්නවා කිව්වා, ගණන් දන්නවා කිව්වා, හෝටල් ටික දන්නවා කිව්වා. දැන් අවුරුදු දෙකක් වෙන්න එනවා, කෝ ඒවට වෙච්ච දෙයක් නැහැ,” යැයි ඔහු පැවසීය.
ආර්ථික කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, එක පෑන් පහරින් සහල් මිල පාලනය කරන බව පැවසුවද අද වන විට සහල් මිල රුපියල් 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. එසේම වී නිෂ්පාදනය පිළිබඳව පුරසාරම් දෙඩූ රජය, අද වන විට සහල් ටොන් ලක්ෂ ගණනින් පිටරටින් ආනයනය කිරීමට පෙළඹී ඇති බව ද ඔහු විවේචනය කළේය. රජරට සහ පොළොන්නරුව ප්‍රදේශවල ගොවීන්ට සිය වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවත්, වී කිලෝවක් රුපියල් 80ක් වැනි අඩු මුදලකට අලෙවි කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
















