• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ මාර්ග තදබදය නැති කිරීමට ජොන්ස්ටන් මැදිහත් වෙයි

2 December 2020
in සංවර්ධන

කොළඹ නගරයට ප්‍රවිශ්ඨ වන මාර්ග තදබදය අධික හදුනාගත් මහාමාර්ග 9ක් හා ඒ හා සම්බන්ධ විකල්ප මාර්ග පද්ධතිය රුපියල් මිලියන 23,380ක වියදමින් සංවර්ධනය කිරිමේ වැඩ කටයුතු ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුව අවට මාර්ග පද්ධතියත්, කොළඹ හොරණ මාර්ගය හා බැදුණු විකල්ප මාර්ග පද්ධතියත් කඩුවෙල – මාළඹේ – කොළඹ මාර්ගය හා බැදුණු විකල්ප මාර්ග පද්ධතියත් සංවර්ධනය කෙරේ.

එමෙන්ම කිරිබත්ගොඩ – බත්තරමුල්ල දක්වා මාර්ග පද්ධතිය, කොළඹ – අඹතලේ මාර්ගය පද්ධතිය, බේස්ලයින් මාර්ගය හා බැදුණු මාර්ග හා මංසන්දි වැඩිදියුණු කිරිමද මේ යටතේ සිදු කරනු ලබයි.

උතුරු කොළඹ මාර්ග පද්ධතිය, වැල්ලවත්ත – දෙහිවල වෙරළබඩ මාර්ගය හා බැදුණු මාර්ග ඡාලය , හයිලෙවල් මාර්ගය හා සම්බන්ධ මාර්ග පද්ධතියත් මෙම ව්‍යාපෘතිය යටතේ කඩිනමින් සංවර්ධනය කරනු ලබයි.

මෙම සියලුම මාර්ග පද්ධති වලට අදාල මාර්ග සංඥා පුවරු, ආලෝක සංඥා පද්ධතීන්, වටරවුම් යනාදියද මීට සමගාමීව සංවර්ධනය කිරිමට යෝජිතය.

කොළඹ නගරයට ප්‍රවේශ වීමේදී සිදුවන මාර්ග තදබදය නිසා රාජකාරී කටයුතු සදහා ගමන් කරන නිලධාරින් හා සේවකයන්ගේ මිනිස් ශ්‍රමය අපතේ යාමක් සිදු වේ. වාහන එකම ස්ථානයේ වැඩි වේලාවක් නවතාගෙන සිටීමට සිදු වීම නිසා ඉන්ධන නිරපරාදේ දහනය වීමෙන් අතිවිශාල මුදල් අලාභයක් සිදුවන බව වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

 

 

 

Post Views: 8
Previous Post

ලොහාන් රත්වත්තේට බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරයට පත් කරයි 

Next Post

බුරවි සුළි කුණාටුව රාත්‍රීයේදී දිවයින තුළට ඇතුලු වේ යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි

editor

editor

Next Post

බුරවි සුළි කුණාටුව රාත්‍රීයේදී දිවයින තුළට ඇතුලු වේ යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved