27 April 2024
#සංවර්ධන

මත් ද්‍රව්‍ය ව්‍යාපාර නැති කරන්න එක් වෙන්න

පාසැල් දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිලි රැසක් විවෘත කිරීම සහ වාර්ෂික ත්‍යාග ප්‍රදානයට එක් වෙමින් අමාත්‍යවරයා අද (13) පෙන්වා දුන්නේ දරු දැරියන් වෙනුවෙන් එවැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි.

මත්ද්‍රව්‍ය ව්‍යාපාර මර්ධනයට කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා කළ බව මෙහිදී සඳහන් කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැනි මල් වැනි දරුවන් වනසන මත්ද්‍රව්‍ය ව්‍යාපාර මැඩලීමට එක්වන ලෙසටද මෙහිදී ආරාධනා කර සිටියා.

“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිලි රැසක් විවෘත කිරීම ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

මෙහිදී ක්‍රීඩාගාරයක් , විදුහල්පති නිළ නිවසක් ,සුහුරු පන්ති කාමරයක් ,ශිෂ්‍ය නේවාසිකාගාරය සහ ගුරු නිවාස සංකීර්ණයක් විවෘත කෙරුණා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *