27 July 2024
#ක්‍රීඩා

මහින්ද ගෝඨා ගැන තීරණයක

එළැඹෙන ජනාධිපතිවරණයේදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන්නේ ද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් දැඩි අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීමට ඇති අකමැත්තත් සමඟ මේ පිළිබඳ ඉක්මනින් තීරණයක් ගැනිමට කටයුතු කරන බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිස අතර මේ පිළිබඳව මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් මතුව ඇති අතර ඒ පිළිබඳ මැදිහත් වීමක් සිදු නොවුනහොත් ජනතාවගෙන් ලද ප්‍රසාදය පවා අහිමිවන තත්ත්වයක් ඇති වන බව වාර්තා වේ.

දේශපාලනඥයින් කැමැති වන්නේ දේශපාලඥයෙකුට මිස පරිපාලකයෙකු නොවන අතර ගෝඨාභය රාජපක්ෂ පාරිපාලනය සුදුසු පුද්ගලයෙකු මිස ජනාධිපතිවරයෙකුට හෝ දේශපාලන චරිතයකට නොසුදුසු බවයි ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටියේ.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග පවා මහින්ද රාජපක්ෂ මහතා තමාගේ සංකල්පයක් යැයි පැවසුවේද එම ඇති වු පිඩනය සමනය කිරීමේ අරමුණින් බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මේ අවස්ථාවේදී තමාගේ ඉදිරි දේශපාලනය පවත්වාගෙන යාමට සහාය දක්වන පිරිසගේ වැඩි කැමැත්තට ඉඩ දීමේ සුදානමක් පවතින බවයි එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වැඩිදුරටත් වාර්තා කර සිටියේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *