• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලාංකිකයින් ලෙස මව්බිම ගොඩනැංවීමට එක්වන්න – තැපැල් රාජ්‍ය ඇමැති සතාසිවම් කියයි

4 September 2020
in දේශීය

රටේ ජීවත් වන සිංහල, දෙමළ, ඉස්ලාම් ජාතිකයින් ලෙස මෙන්ම බෞද්ධ, කතෝලික, හින්දු හෝ මුස්ලිම් වශයෙන් ආගම් වලට බෙදෙන්නේ නැතුව ශ්‍රී ලාංකිකයින් ලෙස සිතමින් මව්බිම ගොඩනැංවීමේ කාර්යයට එක්වන ලෙස තැපැල් සේවා හා ජනමාධවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ පසුගිය 31 වනදා මඩකලපුව දිස්ත්‍රික්කයේ, මඩකලපුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ නිරික්ෂණයකට එක්වෙමින්.

1798 වසරේදී ලංකාවේ තැපැල් කාර්යාල 5 කින් ආරම්භ වුනු තැපැල් සේවය වර්තමානය වන විට ශ්‍රී ලාංකීය ජනතාවට විශේෂිත වූ සේවාවන් රැසක් සපයන ආයතනයකි.

2019 වර්ෂයේදී මිලියන 5000 ක පමණ අලාභයක් පෙන්නුම් කරන මෙම ආයතනයේ වගකීම පසුගිය දා ජනාධිපතිවරයා විසින් තමාට පවරා දුන් බව ‌රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ තමන් නියෝජනය කරන අධ්‍යාපන කේෂත්‍රයේ නම් ලේසියෙන්ම පිහිනා යා හැකි නමුත් තැපෑල වැනි අලුත් විෂයක් හදාරා නැති නිසා ඒ පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් පසුවන බවයි. සෑම සතියකට වරක් අප වැඩ කරන ආයතන සම්බන්ධයෙන් මා ඇතුළු සියළු අමාත්‍යවරුන් ජනාධිපතිවරයා‌ට වාර්ථාවක් සැපයිය යුතුය.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායමෙන් 70% , 80% පමණ මුදලක් වැටුප් හා අතිකාල ගෙවීමට වැය වන බව තමාට දැනගන්නට ලැබුණ බව ද හෙතෙම පැවසිය.

තැපැල ගොඩනැගීම සඳහා 2021 සිට 2025 දක්වා පස් අවුරුදු සැලැස්මක් දැනටමත් දෙපාර්තමේන්තු මට්ටමෙන් ඉදිරපත් කර තිබෙන අතර ඒ පිලිබඳව තමා අධ්‍යනය කලා ඉදිරියේදී අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

රටේ සියළු දිස්ත්‍රික්ක වලට ගොස් ඒ ඒ දිස්ත්‍රික්ක වල තැපෑල් කාර්යාල වල අඩුපාඩු මෙන්ම සේවකයන්ගේ ගැටළු සම්බන්ධයෙන්ද සොයා බලා තැපෑල දියුණු කිරීමට අවශ්‍ය සියලු කටයුතු ඉදිරියේදී කිරීමටද සතියේ සෑම බදාදා දිනයකදීම උදෑසන 7.00 සිට අමාත්‍යංශයේ සිටින නිසා ඕනෑම කෙනෙකුට තමා හමුවීමට හැකියාව තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාව සඳහා නැගෙනහිර පලාතේ නියෝජ්‍ය තැපැල්පතිනිය වන ජයන්ති තිරුචෙල්වම් මහත්මියද ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයේ දිසා තැපැල් අධිකාරි වරුන් ඇතුළු තැපැල් සේවකයින් මෙන්ම ආරාධිතයින් රැසක්ද සහභාගි වූහ.

 

දිලිනි සමන්මලි

Post Views: 5
Previous Post

2025 අවසානයට පෙර රටේ සියලු නිවාසවලට පානීය ජලය ලබා දීමේ සැලසුමක්

Next Post

ගිනි ගැනීමට ලක් වු නැවෙන් ඉන්ධන කාන්දුවීමක් සිදුවුනොත් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු සුදානම්

editor

editor

Next Post

ගිනි ගැනීමට ලක් වු නැවෙන් ඉන්ධන කාන්දුවීමක් සිදුවුනොත් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved