නයිජීරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ ඒකාබද්ධව දියත් කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකින් අයි.එස්. (IS) ත්‍රස්ත සංවිධානයේ දෙවන ඉහළම නායකයා ඇතුළු ත්‍රස්තවාදීන් 175 දෙනෙකු මියගොස් තිබේ. ලොව පුරා ක්‍රියාත්මක වන වඩාත්ම සක්‍රීය ත්‍රස්තවාදියා ලෙස හඳුනාගෙන සිටි, එම සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානී අබු-බිලාල් අල්-මිනුකි (Abu-Bilal al-Minuki) ද මෙම ප්‍රහාරවලින් මියගිය අය අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊසානදිග නයිජීරියාවේ පිහිටි අතිශය දුරස්ථ ගම්මානයක් කේන්ද්‍ර කරගනිමින් මෙම ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාව දියත් කර ඇත. ආරක්ෂක අංශවලට ලැබුණු නිශ්චිත බුද්ධි තොරතුරු මත පදනම්ව, අතිනවීන තාක්ෂණය භාවිත කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. අයි.එස්. සංවිධානයේ ප්‍රධානතම මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කරමින් එල්ල වූ මෙම ප්‍රහාරය, එම ත්‍රස්ත ජාලය ගෝලීය වශයෙන් මර්දනය කිරීමේ ක්‍රියාවලියේදී ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ආරක්ෂක විචාරකයෝ පෙන්වා දෙති.














