• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

හරි දේ ලියන මාධ්‍යවේදීන්ට මංගලගෙන් සප් එක්ක …..!

7 July 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාධ්‍යවාරණය යන වචනය අදට වලංගු නොවන බවත්, වාරණ වෙනුවට සිදු කළ යුත්තේ සත්‍ය පුවත් වාර්තා කරන සැබෑ මාධ්‍යවේදීන් දිරිමත් කිරීම බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජනාධිපතිවරයා හෝ රජය මාධ්‍ය මගින් කුමන ආකාරයේ විවේචනයකට ලක් කළ ද පවතින මාධ්‍ය නිදහස කිසිදු සීමා කිරීමට ලක් නොකරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (06) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති හමුවක දීය.

2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල දෙසැම්බර් මස 19 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍යවලින්, පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි සහ වෙබ් යන ක්ෂේත්‍ර හතර ඔස්සේ දැක් වූ දක්ෂතා වෙනුවෙන් සම්මාන 54ක් මෙහි දී ප්‍රදානය කිරීමට නියමිත ය. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් අදාළ නිර්දේශයන් සිදු කරනු ඇත.

මෙම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

බොහෝ විට ජනමාධ්‍ය පිළිබඳ එල්ල වන්නේ දෝෂාරෝපණයන් ය. හැම විට ම ජනමාධ්‍ය පිළිබඳ ඍණ ආකල්පයක් සමාජ ගතවෙමින් පවතින යුගයක ජනාධිපති සම්මාන උළෙලක් පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුව තිබේ. අද වන විට ස්මාට් ජංගම දුරකතනයක් හිමි හැම දෙනෙකු ම මාධ්‍යවේදියෙකි. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් අන්තර්ජාලය ක්ෂණිකව මුදා හැරීමට සැම කෙනෙකුට ම හැකිය. එබැවින් වාරණය යන වචනය අදට වලංගු නොවේ.

අසත්‍ය පුවත් නිර්මාණ පිළිබඳ ලොව පුරා කතා බහට ලක් වන සමයක වාරණය හෝ තහනම් කිරීම යනු එම පුවත්වලට තවත් ප්‍රචාරයක් ලබාදීම වැන්නකි. එබැවින් අසත්‍ය ප්‍රවෘත්තිවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය නිර්මාණය කර ගැනීම අවශ්‍ය වේ. අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වරෙක කියා තිබුණේ තමන් පුවත්පත් නොබලන බවයි. ඊට හේතුව ලෙස ඇය දක්වා තිබුණේ ප්‍රවෘත්ති කියවීමෙන් තමන්ට දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතු වන බවයි. එතරම් ම අසත්‍ය පුවත් අද සමස්ත ලෝකයටම තර්ජනයක් බවට පත්ව ඇත. මේ සඳහා කළ යුතු හොඳ ම දේ නම් සත්‍ය පුවත් වාර්තා කරන සැබෑ මාධ්‍යකරුවන් අගය කිරීමයි. එසේම ගෞරවනීය ජනමාධ්‍ය කලාවක් අගය කරන පිරිසක් බිහි කිරීමයි.

මාධ්‍ය නිදහසෙන් පහර කෑ පුද්ගලයකු ලෙස ජනාධිපතිවරයා ද මේ සම්මාන උළෙල පිළිබඳ ප්‍රසාදයෙන් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල සඳහා වූ www.pma.gov.lk වෙබ් අඩවිය ජාල ගත කිරීම ද මෙහි දී සිදු කෙරිණි. සම්මාන උළෙලට අයදුම් කරන ආකාරය ඇතුළු සියලු විස්තර එම වෙබ් අඩවිය ඔස්සේම www.media.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි ය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අතිරේක ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. මීට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

Post Views: 1
Previous Post

අඩු වැඩි වුණේ මිල සුත්‍රය නිසායි

Next Post

ආණ්ඩුවේ සාමුහික තීරණයට එකඟයි

editor

editor

Next Post

ආණ්ඩුවේ සාමුහික තීරණයට එකඟයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved