සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ (CMA) නව සභාපතිවරයා ලෙස ජුලියන් නිශාන් නානායක්කාර මහතා අද (11) සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය. කොළඹ 02 පිහිටි එම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් නව සභාපතිවරයා සඳහන් කළේ මෙරට සහාධිපත්‍ය දේපළ (Condominium properties) කළමනාකරණය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමටත්, පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමටත් තමන් කැපවන බවයි. මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තරණි අනූජා, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී එම්. ටී. කේ. ප්‍රියන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














