ප්‍රකට ක්‍රිප්ටෝ ව්‍යවසායකයෙකු වන ජස්ටින් සන් (Justin Sun), අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයෝගය ලබන World Liberty Financial ආයතනයට එරෙහිව කැලිෆෝර්නියා ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ. ඒ තමන් සතු WLFI ටෝකන්වල අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි.
මෙම ව්‍යාපාරයේ ප්‍රධාන ආයෝජකයෙකු වන ජස්ටින් සන් චෝදනා කරන්නේ, කිසිදු වලංගු හේතුවක් නොමැතිව එම ආයතනය විසින් තමන් සතු සියලුම ටෝකන් අත්හිටුවා (Freeze) ඇති බවයි. මේ හේතුවෙන් එම පද්ධතියේ පාලන කටයුතු (Governance proposals) සම්බන්ධයෙන් තීරණ ගැනීමට තමන්ට තිබූ ඡන්ද අයිතිය අහිමි වී ඇති බව ඔහු පෙන්වා දෙයි. තවද, මෙම ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම් තමන් සතු ටෝකන් සියල්ල ස්ථිරවම විනාශ කරන බවට (Burning) ද ඔහු අනතුරු අඟවා ඇත. ක්‍රිප්ටෝ වෙළඳපොළ තුළ ‘Burning’ යනු අදාළ ටෝකන් ආපසු ලබාගත නොහැකි ලෙස විනාශ කිරීමේ ක්‍රියාවලියයි. මෙම නීතිමය අර්බුදය ට්‍රම්ප් පවුලට සම්බන්ධ ක්‍රිප්ටෝ ව්‍යාපෘතියේ විශ්වාසනීයත්වය පිළිබඳ දැඩි කතාබහක් ඇති කිරීමට සමත්ව තිබේ.














