• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජ.වි.පෙ.ට අවලාද නැගීම ගැන JVP නිවේදනයක්

23 April 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ම්ලේච්ඡ ක‍්‍රියා අනුමත නොකරන බවත් විනයගරුක හා වගකීමෙන් කටයුතු කරන පක්ෂයක් බවත් කුහක නොවන හෘදයසාක්ෂියක් ඇති සියලූ දෙනාම දන්නා කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙම සිදුවීමට අදාළ වූ සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු පදනම් කරගෙන ජ.වි.පෙ.ට අවලාද නැගීම බංකොලොත් දේශපාලන කණ්ඩායම් විසින් දුෂ්ට අරමුණින් සිදුකරන ක‍්‍රියාවක් බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ මාධ්‍ය වෙත නිවේදනය පහත පරිදි වේ.

ජනමාධ්‍ය නිවේදනයයි

නිරායුධ අහිංසක සිවිල් පුරවැසියන් 300කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින් හා 500කට වැඩි ප‍්‍රමාණයකට තුවාල සිදුකරමින් පසුගිය 21දා එල්ල කරන ලද ම්ලේච්ඡ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මේ වනවිට රට තුළ අනාරක්ෂිතභාවයක් හා නොසන්සුන්තාවයක් මතුව තිබේ. මෙම තත්වය මගහරවා රට තුළ යළි සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට හැකි ආරක්ෂිත තත්වයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ බලධාරීන් ඇතුළු කාගේත් වගකීම වේ.

මෙම ම්ලේච්ඡු ප‍්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශ හා ආණ්ඩුව අසමත්ව ඇති බව පැහැදිලිය. දැන් බලධාරීන් විසින් කළ යුත්තේ එකිනෙකාට දොස් පවරමින් තම වගකීමෙන් මිදීම නොව අදාල වගකීම් භාරගෙන මෙවැනි තත්වයන් යළි ඇති නොවීමටත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් විපතට පත්වූවන්ට සහන සැලසීමටත් පියවර ගැනීමය.

අනෙක් අතට සියලූම පුරවැසියන්ගේ හා දේශපාලන කණ්ඩායම්වල වගකීම වන්නේ මෙම සංවේදී මොහොත මෙම පටු දේශපාලන වාසි සඳහා යොදා නොගෙන වගකීම් සම්පන්නව කටයුතු කිරීමය. එහෙත් සමහර බංකොලොත් දේශපාලන කණ්ඩායම් ‘බොරදියේ මාළු බෑමේ’ උත්සාහයක නිරත වන බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට අවලාද නැගීම එවැනි උත්සහායක් බව පෙනේ. එබැවින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතු යැයි අපි සිතමු.

මෙ සිදුවීමට අදාළව දෙමටගොඩදී අත්අඩංගුවට ගනු ලැබ ඇති එක් පුද්ගලයෙක් 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අයෙක් බව තහවුරු වී තිබේ. මෙම පුද්ගලයා ජවිපෙ සාමාජිකයෙක් හෝ ක‍්‍රියාකාරිකයෙකු නොවේ. ජවිපෙ ජාතික ලැයිස්තුවට නම් යෝජනා කරනු ලැබුවේ මැතිවරණයකදී තරඟ නොකරන විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් දීම සඳහාය.

ජවිපෙ මෙවැනි ම්ලේච්ඡ ක‍්‍රියා අනුමත කරන පක්ෂයක් නොවන බවත් විනයගරුක හා වගකීමෙන් කටයුතු කරන පක්ෂයක් බවත් කුහක නොවන හෘදයසාක්ෂියක් ඇති සියලූ දෙනාම දන්නා කරුණකි. එසේ තිබියදී මෙම සිදුවීමට අදාළ වූ සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු පදනම් කරගෙන ජ.වි.පෙ.ට අවලාද නැගීම බංකොලොත් දේශපාලන කණ්ඩායම් විසින් දුෂ්ට අරමුණින් සිදුකරන ක‍්‍රියාවකි.

මෙම සිදුවීමේදී අදාළ පුද්ගලයා හෝ ඔහුගේ පවුලේ අය මෙයට කිසියම්ම හෝ සම්බන්ධතාවයක් තිබේනම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කිරීම ආරක්ෂක අංශවල කාර්යයක් වන අතර ඒ සඳහා ඕනෑම සහයක් ලබාදීමට ජ.වි.පෙ.ත් සූදානම් බවද අවධාරණය කළ යුතුය.

අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ, විවිධ පන්නයේ වංචාවලට දුෂණවලට වගකිව යුතු දුෂිතයන් සිය නිරුවත වසා ගැනීම සඳහාත් තම පටු දේශපාලන වුවමනාවන් සඳහාත් මෙවැනි සංවේදී සිදුවීම් යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීමට ඉදිරිපත් වීම කණගාටුවට කරුණක් බවය. එය වගකිව යුතු සියලූ දෙනා විසින් ප‍්‍රතික්ෂේප කළ යුතු ක‍්‍රියාවකි.
එබැවින් මෙවැනි අවලාදවලින් නොම`ග නොයන ලෙසත් මෙම සංවේදී මොහොතේ වගකීමෙන් යුතුව එක්ව කටයුතු කරන ලෙසත් අපි සියලූම ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි,
දේශපාලන මණ්ඩලය වෙනුවෙන්

එම්. ටිල්වින් සිල්වා
ප‍්‍රධාන ලේකම්
ජනතා විමුක්ති පෙරමුණ
2019.04.23

 

Post Views: 6
Previous Post

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ජනපති නිරීක්ෂණ චාරිකාවක

Next Post

මෙරට ප්‍රහාරවල වගකීම IS සංවිධානය භාර ගනි

editor

editor

Next Post

මෙරට ප්‍රහාරවල වගකීම IS සංවිධානය භාර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved