ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රමුඛ නියෝජිත පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති මෙම හමුව JVP නියෝජිත පිරිසේ සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 1 දක්වා පැවති ඉන්දීය සංචාරයේ අවසන් අදියරේදී සිදුව ඇත. මෙම සංචාරය ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ආරාධනය මත “Know BJP” වැඩසටහන යටතේ සිදුකර ඇති අතර, එහිදී JVP සහ BJP අතර සංවිධානමය අත්දැකීම් හුවමාරු කර ගැනීම ඇතුළු කරුණු සාකච්ඡා කර තිබේ.
හමුවෙන් අනතුරුව ජයශංකර් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගැඹුරු මිත්‍රත්ව සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව හොඳ සාකච්ඡාවක් පැවැති බවයි. ඉන්දියාව විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා අඛණ්ඩව සහාය දක්වන බවද ඔහු සඳහන් කර තිබේ.
















