PepsiCo සහ Monster Beverage සමාගම් ඉන්දියාවේ ආහාර ආරක්ෂණ නියාමකයා වන FSSAI විසින් අධික කැෆේන් සහිත පාන සඳහා “Energy Drink” යන ලේබලය භාවිත කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
PepsiCo අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනවල සඳහන් කර ඇත්තේ එම නියෝගය හේතුවෙන් සමාගමට විශාල වාණිජ බලපෑමක් ඇතිවිය හැකි බවයි. සමාගමට අනුව, එම ලේබලය සහිත බෝතල් මිලියන 492ක් සහ කෑන් මිලියන 26ක් පමණ ජූලි 31 වන විට සංසරණයේ තිබී ඇත. Monster සමාගමද මූල්‍ය හා කීර්තිනාමයට හානි සිදුවන බව අධිකරණයට දන්වා තිබේ.
මේ අතර, “Energy Drink” යන ලේබලය ඉවත් කිරීමට Red Bull සම්බන්ධයෙන් FSSAI නිකුත් කළ නියෝගය දිල්ලි මහාධිකරණය පසුගියදා අවලංගු කළේ සමාගමට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා නොදීම හේතුවෙනි. ඉන්දියාවේ මෙම නියාමන ගැටලුව සම්බන්ධ PepsiCo සහ Monster නඩු ලබන සතියේ විභාගයට ගැනීමට නියමිත බව Reuters වාර්තා කරයි.
















