අල්ලස් චෝදනා මත රිමාන්ඩ් කර සිටින සජබ ආසන සංවිධායක චරිත් අබේසිංහට ජනාධිපතිවරයා හමුවීමට එන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දුරකථනයෙන් ඇමතූ බවට සමගි ජන බලවේගයේ වරුණ රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය සහ සාවද්‍ය එකක් බව ජවිපෙ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පාතාල සබඳතා හා බැඳුණු මෙම දරුණු අල්ලස් සිදුවීම නිසා සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී බංකොලොත් වී ඇත්ද යන්න මෙවැනි මඩ ප්‍රකාශවලින් පැහැදිලි වන බව ජවිපෙ පෙන්වා දෙයි. වෙනත් පක්ෂවලට ඕනෑම අපරාධකරුවෙකු එකතු කර ගැනීමට වුවමනාවක් තිබුණ ද, තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට එවැනි කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, සජබය උත්සාහ කරන්නේ අසත්‍ය ප්‍රකාශ හරහා අපරාධකරුවන්ට සුදුහුණු ගෑමට බවත් එහි සඳහන් වේ. තම පක්ෂයට අවලාද නැඟූ මෙම සාවද්‍ය ප්‍රකාශයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජවිපෙ මාධ්‍ය ඒකකය අවධාරණය කරයි.
















