දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමීටර් 31 ප්‍රදේශයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ. මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර් රථ තුනක් මෙලෙස එකිනෙක ගැටී ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි. අනතුර හේතුවෙන් මේ වන විට එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටී.
















